ඊයේ දිනයේ (9) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලැයිස්තුව

0
ඊයේ දිනයේ (9) කොරෝනා ආසාදිතයින්

ඊයේ දිනයේ (9) කොරෝනා ආසාදිතයින් 2,672 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන මෙය වන අතර දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ. .

ඒ අතරින් පුද්ගලයින් 13 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් 2,659 දෙනා දේශීයව හඳුනා ගෙන ඇතැයි, එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

⭕ කොළඹ දිස්ත්‍රික්කය – 755 (වැඩිම ආසාදිතයින්)
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 323 යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 234යි.
⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 228 යි.
⭕ පොළොන්නරුව දිස්ත්‍රික්කය – 118යි
⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 192යි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 20642 කි.

ඊයේ (9) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 1365දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස104,463 ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 15 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වූයේ, ගනේමුල්ල, බොඹුවල, නවත්තුඩුව, මඩොල්කැලේ, බිබිල, ගල්කිරියාගම, වස්කඩුව, අම්පිටිය, රාගම, කුලියාපිටිය, පස්සර, නෑබොඩ, කොළඹ 7 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලිනි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 6,285 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

වැඩි විස්තර – https://covid19.gov.lk/sinhala/covid-19-stats.html