මි.මී 100 ඉක්මවු වැසි අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.






















































