කොරෝනා හොඳ වෙද්දි දෑස් අන්ධ වන තවත් දුර්ලභ ‌වයිරසයක් ඇවිත්!

0

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව වාර්තා වේ.

කන, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බව අනාවරණ වී ඇත.

මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකිය.

මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි කාන්තාවකගේ දිවි ගලවා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ බව මුම්බායි නුවර වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබේ.

මෙලෙස කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින් බවද පැවසේ.