ඇෆ්ගනිස්ථානයේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් -55කට දිවි අහිමියි (PHOTOS)

0

ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසලක් අසළ සිදුවූ බෝම්බ පිපිරීමකින් 55 දෙනෙක් මියගොස් තවත් 150කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ පාසල අවසන්වී සිසුන් පිටව යමින් සිටින අවස්ථාවේදී වන අතර මෝටර් රථයක සවි කළ බෝම්බයක් පුපුරවාහැර තිබූ අතර මෝටාර් ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයට ගොඳුරු වූ අයගෙන් බහුතරය ගැහැණු ළමුන් බව පැවැසෙන අතර ප්‍රහාරය සිදුකිරීමට හේතුව හෝ එය සිදුකළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් මෙය තලේබාන් ත්‍රස්තවාදීන් විසින් මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට ජනාධිපති අෂ්රෆ් ඝානි සැක පළ කරනවා.