උගන්ඩා අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය

0
උගන්ඩා අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය

උගන්ඩාවේ කම්පාලා අගනුවර ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ,ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් තිදෙනා මිය ගොස් තවත් 33 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට පොලිසිය පවසන්නේ

මියගිය ගණන සහ තුවාල ලැබූවන් ගණන ඉහළ ය හැකි බවත් එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා

යතුරුපැදිවලින් පැමිණි ප්‍රහාරකයින් තිදෙනෙකු පාර්ලිමේන්තුව සහ නගරයේ පොලිස් මූලස්ථානය අසලදී සියදිවි නසාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මිනිත්තු තුනක් ඇතුළත දී  ප්‍රහාර එල්ල වී ඇති අතර නගරයේ අනෙකුත් ප්‍රදේශවලින් තවත් බෝම්බ සොයාගෙන ඇති බව බලධාරීහු පවසා තිබෙනවා

ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු නවතා දැමූ අතර මන්ත්‍රීවරුන්ට එම ගොඩනැගිල්ලට නොපැමිණෙන ලෙස උපදෙස් දී තිබෙනවා

සිව්වැනි ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍ය කබායක් ද සොයා ගත් බව එරට පොලිසිය සඳහන් කරනවා