විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට

0
Wanindu Hasaranga T20 Ranking - විස්සයි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට
අයි.සී.සි නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

ඊට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ ඉන්දියාවට එරෙහිව නිමා වූ පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

වනිදු මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ අතර ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියා.

කෙසේ වෙතත් රෂීඩ් ඛාන් මේ වන විට තෙවන ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 719කට හිමිකම් කියමින්.

වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 720ක් හිමිව තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි විසින් තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.

ඒ ශ්‍රේණිගත ලකුණු 792ක් ලබා ගනිමින්.