සජිත් ප්‍රේමදාස හැර මේ රටේ වෙන විකල්පයක් නෑ – හේෂා

0
Hesha Withanage : සජිත් ප්‍රේමදාස හැර මේ රටේ වෙන විකල්පයක් නෑ - හේෂා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැර වෙනත් විකල්පයක් මේ රටේ දේශපාලනයට නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

“සුවිශේෂී කාරණා එක්ක ඒ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණත් මේ රටේ ජනතාව මේ මහා පීඩනයන්ට ලක්කිරීම නතරකිරීම වෙනුවෙන් විපක්ෂය මෙතනින් එහාට දේශපාලනික වශයෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ”

ප්‍රශ්නය – දැන් ඔබතුමාලාට නායකයෙක් ඉන්නවාද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ?

“ඇයි සජිත් ප්‍රේමදාස නායකතුමා ඉන්නෙ. මං හිතන්නෙ සජිත් ප්‍රේමදාස මැතිතුමා හැර වෙන විකල්පයක් මේ රටේ නෑ. ඒ නිසා ඒ හරහා, ඒ වටා මේ රටට ආදරය කරන සියලු දේශප්‍රේමී දේශපාලන බලවේග එකතු කිරීම තමයි අපේ දේශපාලන වගකීම වෙන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ පරණ නායකතුමාත් ඒ වුණාට බලාපොරොත්තුවෙන් ඉන්නවා නේද ?

“හීන තිබුණට කෝටියක් …. කියලා කතාවකුත් තියෙනවානෙ නේද …. ඒ වුණාට ඡන්ද නෑ එක පිච්චියක් …”

හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.