නුවරඑළියේ තේ වත්තකින් බිලිඳු මළ සිරුරක් හමුවෙයි

0
Baby Dead Body - නුවරඑළියේ තේ වත්තකින් බිලිඳු මළ සිරුරක් හමුවෙයි
නුවරඑළිය කන්දපොළ තේ වත්තක තිබී බිලිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා.

අදාළ බිලිඳු මළ සිරුර දිනක් වයසැති පිරිමි දරුවෙකුගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.

වතු කම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව කන්දපොළ පොලිසිය අදාළ බිලිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව බිලිඳු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

බිලිඳාගේ මළ සිරුර එම ස්ථානයට පැමිණි ආකාරය පිළිබඳව කන්දපොළ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.