අද දවසේ කාලගුණය

0
Today Weather - අද දවසේ කාලගුණය
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට පැ.කි.මි 40 -50 ත් අතර තරමක තද සුළං ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේ සහ හම්බන්තොට, මන්නාරම දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 60 දක්වා වැඩිවිය හැකිය.