ඩෙල්ටා ආසාදිත වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයෝ තැන් දෙකකින් හමුවෙති

0

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය .

ඒ ආශ්‍රිතයන්ගෙන් ජෛව පටල සාම්පල ලබාගෙන ඇති බවත් සාම්පලවල කොරෝනා ඇතැයි තහවුරු වුවහොත් ඒවා ජාන විශ්ලේෂණය සඳහාද යොමු කරන බවත් හෙතෙම සඳහන් කළේය .

කෙසේ වෙතත් මෙම ශිෂ්‍යයා පසුගිය කාලයේදී අදාළ විශ්ව විද්‍යාලයට පැමිණ නැතැයි පැවසූ බටුවන්තුඩාව මහතා මේ තත්වය නිසා වයිරසය විශ්වවිද්‍යාලයට පැතිරීමේ අවදානමක් නැතැයිද ප්‍රකාශ කළේය .

මේ අතර සොයාගත් ඩෙල්ටා රෝගීන් අතර එක් නාවික හමුදා සාමාජිකයෙකු සිටින නමුත් නාවික හමුදාවේ තව රෝගීන් සිටීමට ඇති ඉඩකඩ අඩු යැයිද ඔහු පැවසුවේය .