‘තංගල්ලේ පපී’ පොලිස් අත්අඩංගුවට

0
‘තංගල්ලේ පපී’ පොලිස් අත්අඩංගුවට

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හසුකර ගැනීම සඳහා පොලිසිය මගින් සිදු කරනු ලැබූ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘තංගල්ලේ පපී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ඊයේ (14) දින සිදු කළ මෙහෙයුමකදී 36 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ

පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමට මෙම තැනැත්තා පදවන බෝට්ටුව භාවිත කර ඇති බව හෙළිවී තිබෙනවා

කලක් තිස්සේ සැඟවෙමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය රහසිගතව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

අවස්ථා කිහිපයකදී බෝට්ටුව පදවමින් සැකකරු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි කිහිපයක් ද මුහුදු මාර්ගය ඔස්සේ ගෙනැවිත් තිබෙනවා

අදාළ බෝට්ටුවල අයිතිකරුවන් ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා

දකුණු මුහුදු තීරය, වැලිගම, ගන්දර, තංගල්ල ආදී ප්‍රදේශ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්වෙමින් පවතින බවත් එම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට හැකියාවක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා