ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

0
Rain - ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු තරමක තද වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී 50 දක්වා වන තද සුළං ඇති විය හැකිය.