ඉන්දියාවෙන් ඊයේ දිනයේ දෛනික කොරෝනා ආසාදිතයින් 412,618ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 21070,852ක් ලෙසයි.
දෛනික මරණ 3982ක් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 230,151ක් ලෙස සටහන් වුණා.
ඉන්දීය වාර්තා සදහන් කළේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඊයේ දිනය තුළ පමණක් මරණ 920ක් වාර්තා වී ඇති බවයි.
ලොව ආසාදිතයින්ගෙන් සියයට 46ක් ඉන්දියාවෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඔවුන් කියා සිටියේ ලොව මරණවලින් හතරෙන් එකක් එනම් සියයට 25ක ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වීම භයානක තත්ත්වයක් බවයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් 155,864,187 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,254,877ක් ලෙසයි.