කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්රස්ඨානයක් බවට ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ගිවිසුම සමගින් ඉදිරියට යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ප්‍රශංසා කරන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක මහත්වරුන් විසින් නිකුත් කල ඒකාබද්ද නිවේදනය හරහා ඉන්දු ලංකා සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් වන බවය.
ETCA ගිවිසුම එපා ජවිපෙ පෙර ස්ථාවරය
කෙසේ නමුත් අදාල ETCA ගිවිසුම සම්බන්ධව සාකච්චා ආරම්භක මොහොතේ සිට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධයක් එල්ල කල අතර රජයේ නිලධාරීන්ගී සංගමය , රජයේ ඉන්ජිනේරුවන්ගේ සංගමය ඇතුලු වෘත්තීය වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් එක් කරගනිමින් සිදුකල දැවැන්ත විරෝධතාවයේ ප්‍රථිපලයක් ලෙස වසර 5 ක් පුරාවට ETCA ගිවිසුම හා සම්බන්ධ සාකච්චා අත්හැර දැමුනු අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණීමෙන් පසු අදාල ගිවිසුම යලි පනගන්වනු ලැබීය.
ETCA ගිවිසුමේ ඇති හානිදායක තත්වයන් හෙළිකරමින් ETCA එපා විරොධතා රැලියක් අතරතුර අනුර කුමාර දිසානායක මහතා 2016 වර්ෂයේදී කල කරුණු පැහැදිලි කිරීමක් පහතින්