පකිස්ථානයට එරෙහි තරගාවලිය සඳහා නම් කල එංගලන්ත ක්රිකට් සංචිතයේ ක්රීඩකයන් 03 දෙනෙකුට සහ කණ්ඩායම් සෙසු සාමාජිකයන් 04 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වී තිබෙනවා.
ඒ අනුව වෙනත් සංචිතයක් නම් කිරීමට සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය සඳහන් කලේ.
අනිද්දා කාර්ඩිෆ් හිදී පැවැත්වෙන එක්දින තරගාවලියකින් මෙම තරගාවලිය ආරම්භවීමටයි නියමිත වූයේ.
එහෙත් ඊයේ සිදුකල කොවිඩ් පරීක්ෂණ අනුව මෙම 07 දෙනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව බෙන් ස්ටෝක්ස් නැවතත් නායකත්වයට පත් කර ඇති අතර නව සංචිතය ඉදිරි පැය කිහිපය තුළදී නම් කිරිමට නියමිතයි.