මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි

0
WM Mendis - මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි
රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව රැගෙන තිබේ.‍

රුපියල් බිලියන 17ක පමණ මුදලක් බදු සහ ණය මුදල් වශයෙන් ගෙවිය යුතුව තිබියදීත් ඇලෝෂියස් මහතාට මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමට යළි අවසර දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුව තිබිණ.