ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
ගත වූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනයේ ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 268 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 198 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 194 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 138 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 06කින් ඊයේ ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණි.

මේ අතර, කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 69,919 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 30,966 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 37,812 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 1141 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,596,487 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 551,007 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 374,040 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795ක්.

එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,425 ක් වනවා.

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…