මේ මොහොතේ කිසිවක් පවසන්න කැමැති නැහැ – කුසල් පෙරේරා

0
Kusal Perera මේ මොහොතේ කිසිවක් පවසන්න කැමැති නැහැ - කුසල් පෙරේරා
එංගලන්තයේ ක්‍රිකට් සංචාරය අතරතුර ඩරම් ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමන් මේ මොහොතේ කිසිවක් පැවසීමට අකමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

කුසල් මේ බව පැවසුවේ අද (28) මාර්ගගත ක්‍රමයට අනුව පැවැති මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම හේතුව මත එම ක්‍රීඩකයින්ට ඉදිරී තරග වලට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එය තරගාවලියට බලපෑමක් වනු ඇතැයි ද ඔහු පැවසීය.

හෙට (29) ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සදහා නවක ක්‍රීඩකයින් සමඟ මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන්ට අත්දැකීම් අඩු බැවින්, එය එංගලන්තය සමග ක්‍රීඩා කිරීමට පහසු නොවන බවද කුසල් සදහන් කළේය.

කෙසේ වෙතත් හැකි උපරිමයෙන් හොද තරගයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත්, පවතින කාලගුණික තත්ත්වය විශාල අභියෝගයක් වී ඇතැයි ද කුසල් වැඩිදුරටත් පැවසීය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය හෙට (29) ආරම්භ වීමට නියමිතයි.