සතුන්ගෙන් මිනිසාට කොරෝනා වෛරසය බෝවනවාද?

0
Corona by pets - සතුන්ගෙන් මිනිසාට කොරෝනා වෛරසය බෝවනවාද?
කොරෝනා වෛරසය ආසාදිත සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය බෝවන බවටත් ඉන් යම් හානි ඇති විය හැකි බවටත් ජනතාව අතර තොරතුරු සංසරණය වුව ද එහි සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එලෙස සතුන්ගෙන් වෛරසය බෝවන බවට විද්‍යානුකූල සාධක නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

එම අසත්‍ය ප්‍රචාර මත පදනම්ව මහ මග ගැවසෙන සතුන්ට ද හිංසා කරන පිරිස් දැකගත හැකි වූ බව වෛද්‍යවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එලෙස හැසිරීම පිළිබඳව රටක් ලෙස කනගාටු විය යුතු බවය.

මේ වන තෙක් සතුන්ගෙන් මිනිසාට වෛරසය බෝවන බවට විද්‍යාත්මකව සනාථ වී නොමැති නිසා සතුන්ට හිංසා කිරීමෙන් වළකින ලෙසත් සමාජ දූරස්ථභාවය ආරක්ෂා කිරීම, මුහුණු ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින්

වෛරසයෙන් ආරක්ෂා වන ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.