ඉදිරි සති කිහිපය ගැන ජනතාවට රතු එළියක්

0
Travel restrictions - ඉදිරි සති කිහිපය ගැන ජනතාවට රතු එළියක්

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ කිසියම් ආකාරයකින් දෛනික ආසාදිතයින් යළි ඉහළ ගියහොත් යළිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

තවදුරටත් දෛනික ආසාදිතයින් වාර්තා වීම අවම කිරීම සඳහා ජනතාව සතුව ද වගකීමක් ඇති බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ සංචරණ සීමා ඉවත් කළ ඉකුත් දින කිහිපයේ ජනතා හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත් නැවත වරක් ආසාදිතයින්ගේ වැඩිවීමක් සිදුවුවහොත් දැඩි සංචරණ සීමාවන් පැනවීමට සිදුවන බවත්‍ය.

පෙරේදා රාත්‍රී 10 ට පැනවූ සංචරණ සීමා අද අලුයම 04 ට ඉවත් කෙරුණා.