වියළි ආහාර සොයා ගිය තිදරු පියා මග වැටී මරු දකී

0
Dead - වියළි ආහාර සොයා ගිය තිදරු පියා මග වැටී මරු දකී

ඊයේ (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ සහල් රැගෙන නිවසට එමින් සිටි 64 හැවිරිදි තිදරු පියෙකු හදිසියේ මහමග ඇද වැටී මියගොස් තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දීය.

මෙම තිදරු පියා ආහාර බෙදාදීමේ වැඩසටහනෙන් වියළි ආහාර රැගෙන නිවස කරා ගමන් කරමින් සිටියදී හදිසියේම ඇද වැටී ඇති අතර පසුව සුවසැරිය ගිලන් රථයක් පැමිණ එහි සිටි සෞඛ්‍ය නිලධාරියා පරීක්ෂාකර ඔහු මියගොස් ඇති බව තහවුරු කළේය.