රාජ්‍ය ඇමතිගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

0
Gunshot - රාජ්‍ය ඇමතිගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට
අද (21) සවස මඩකලපුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරෙක් මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම වෙඩි තැබීම රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුවී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට දින කිහිපයකට පෙර අදාළ ටිපර් රථ රියදුරා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ත්‍රී රෝද රථයක ගමන් ගන්නා අතරතුර පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මේ වන විට පොලිස් නිලධාරියා අදාළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.