ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ – හමුදාපති

0
Genaral Shavendra Silva ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ - හමුදාපති
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා ගෙන තිබූ තීරණයට අනුමැතිය නොදීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානපය තීරණය කර තිබෙනවා.

පවතින කොවිඩ් තත්වය සළකා එම තීරණය ගත් බවයි මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ.

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ යෝජනාවට මුදල් අමාත්‍යංශය ඊයේ ප්‍රතිපත්තිමය අනුමැතියක් දී තිබුණා.

කෙසේවෙතත් මෙම යෝජනාව කොවිඩ් කාර්ය සාධක බලකායට යොමු කර තිබූ අතර ඔවුන්ගේ අනුමැතිය ලද හොත් පමණක් එය ක්‍රියාවට නංවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා කියාසිටියේ.

මේ අතර මිට පෙර මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද  ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමට ගත් තීරණයට විරෝධය පළ කර සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට පුද්ගලයින් 60ක් පමණ මිය යන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මොහොතක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් රට පුරා තවමත් ක්‍රියාත්මක නොවන මොහොතක මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ලැජ්ජාසහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර සිටියේ.