මත්පැන් සහ සිගරට්වල බදු ඉහළට

0
Cigarette and Liquor Prices - මත්පැන් සහ සිගරට්වල බදු ඉහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල බදු 20%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඊට අමතරව දුම්වැටි බදු ද 20%කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති.

රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති.

රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරේ.

මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි.