ඊයේ (ජූනි 16) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,436 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 561කි.
තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 516 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 156 දෙනෙකු හඳුනාගෙන ඇත.
දිවයිනේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත සටහන්හි දැක්වේ.
මේ අතර, තවත් කොවිඩ් ආසාදිත මරණ 59ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) තහවුරු කර කළේය.