කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවට අපි මේ වන විට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව දිනකට රෝගීන් 2,000කට අධික ප්‍රමාණයක් වාර්තා වේ. එම නිසා තවමත් භයානක තත්ත්වය පහව ගොස් නැති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
මේ කොවිඩ් රැල්ලෙන් අනතුරුව තවත් රැල්ලක් ඇති විය හැකි බැවින් සමාජයේ හැසිරීම වගකීම් සහගත විය යුතු බවත් ඔවුන්ගේ හැසිරීම් අනුමත කළ නොහැකි බවත් සංචරණ සීමා තව තවත් දීර්ඝ කළ යුතු බවත් වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
සංචරණ සීමා ලිහිල් කර පෙර තිබූ තත්ත්වයටම රට පත් වුවහොත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවිය හැකි බවටද වෛද්‍යවරිය අනතුරු අඟවයි.
ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් බරපතළ බවත්, එම ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන බවත්, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කරයි.
(mawabima.lk වෙබ් අඩවිය ඇසුරිනි)