පෙකනිවැල පිටින්ම බිලිඳු සිරුර පාළු ළිඳකට දමලා

0
පෙකනිවැල පිටින්ම ජාවත්ත කිරිමැටියාවත්ත ප‍්‍රදේශයේ පාලූ ළිඳකට දමා තිබූ දිනක් වයසැති බිලිඳු මළ සිරුරක් උතුරු කළුතර පොලිසිය මගින් පෙරේදා (13 දා) සොයාගෙන ඇත.

මෙම බිලිඳු මළ සිරුර මීට දින දෙකකට පමණ පෙර මෙම ළිඳට දමන්නට ඇතැයි සැකකෙරේ. එම ප‍්‍රදේශයේ ගවයන් ගැට ගැසීමට ගිය පුද්ගලයකු දුඟඳක් හැමීම නිසා ළිඳට එබී බැලීමේදී මෙම බිලිඳු සිරුර දැක ඒ බව පොලිසියට දන්වා තිබේ.