පියා එල්ල කළ මුගුරු පහරකින් පුත්‍රයෙකු මරුට

0
Son Murder By Father in Kuliyapitiya - පියා එල්ල කළ මුගුරු පහරකින් පුත්‍රයෙකු මරුට
කුලියාපිටිය , කඩවලගෙදර ප්‍රදේශයේ නිවසක බීමත්ව කලහකාරී ලෙස හැසුරුණු තරුණයෙකුට පියා විසින් මුගුරකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බීමතින් සිටි එම තරුණයා සිය පියාට මුගුරකින් පහර දී ඇති බවය.

පසුව පියා විසින් මුගුරකින් පහරදීමෙන් තුවාල ලැබූ ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ , 26 හැවිරිදි මූණමල්දෙණිය පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.