ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි සියෝනා චානා ඉන්දියාවේ මිසොරාම්හිදී අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සියෝනා චානා බහු විවාහ පිළිගන්නා ආගමික නිකායක ප්‍රධානියෙකු වූ අතර ඔහුට බිරින්දෑවරුන් 38 දෙනෙකු, දරුවන් 89දෙනෙකු, මුණුපුරන් 36 දෙනෙකු සිටින බවට විශ්වාස කෙරෙනවා.
ලෝකයේ විශාලතම පවුල ලෙස සැලකෙන මෙම පවුල සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා සිටි අතර දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ඔවුන් නැරඹීමටත් හමුවීමටත් පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම විශාල පවුල එක්ව වාසය කළේ, කාමර 100කින් සමන්විත මහල් 4ක විශාල නිවසකයි.
සියෝනා චානාගේ මියයාම සම්බන්ධයෙන් මිසෝරාම් හි ප්‍රධාන අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩ සටහනක් තබා ඇත.