නීති විරෝධී මත්පැන් පෙරද්දී සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

0
Dead - නීති විරෝධී මත්පැන් පෙරද්දී සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.

බැරලය පුපුරායෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඊයේ (11) අලුයම් කාලයේ දී නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී එම අනතුර සිදුව ඇති බවට සමන්තුරේ පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ.