සහල් කිලෝ ලක්‍ෂ 10ක් බියර් නිෂ්පාදනය සඳහා සඟවා තබලා

0
Rice for Beera Production - සහල් කිලෝ ලක්‍ෂ 10ක් බියර් නිෂ්පාදනය සඳහා සඟවා තබලා
බියර් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් සැපයීමේ අරමුණින් අම්පාර ප්‍රදේශයේ ගබඩා කර තිබූ සහල් කිලෝ ලක්‍ෂ 10ක ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වී තිබෙනවා.

ඒ,මේ වන විට සිදුකරමින් සිටින නීති විරෝධී වී තොග ගබඩා වැටලීම් කටයුතු අතරතුරයි.

මිනිස් පරිභෝජනය හැර සත්ත්ව ආහාර හා අනෙකුත් නිෂ්පාදන සඳහා සහල් යොදා ගැනීම තහනම් කර තිබියදී, බියර් කර්මාන්තය සඳහා යෙදවීමට මෙම සහල් තොගය ගබඩා කර තබා ඇති අතර වැටලීම් කණ්ඩායම විසින් එම සහල් තොග ගබඩාව මුද්‍රා තැබීමට මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වනවා.