හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක්

0
Beera for Student Birthday Party - හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක්

හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි.

අදාල සිසුවා හා සිසුවිය 10 ශ්‍රේණීයෙ අධ්‍යාපන හදාරන බවත් සිසුවාගෙ උපන් දිනය වෙනුවෙන් මෙසේ නිවසින් හොර රහසින් රැගෙන ආ විසි දහසක් යොදා ගනිමින් බියර් පවා රැගෙන විත් මෙම පාටිය දමා ඇති බව කියයි.

වාර්තා වන අන්දමට මෙම සිසුවිය සමග පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය සිසුවාගේ උපන් දිනයට මෙසේ සාදය සුදානම් කර තිබු බවයි.

කෙසේ වෙතත් පාසල තුළ උපන් දින සාදයක් පවත්වන බව ගුරුවරු විදුහල්පතිවරයා දැනුවත් කිරීමේන් පසු අදාල සාදය පැවති පංති කාමරයට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පැමිණ එය පරික්ෂා කර ඇති බවද කියයි.

එහිදි හෙළිවි ඇත්තේ අදාල සිසුවිය නිවසින් රැගෙන ආ රුපියල් 20000 ක් වැනි විශාල මුදලක් යොදා ගනිමින් විවිධ රසකැවිලි වර්ග සමග බියර් කෑන් කිපයක්ද යොදා ගනිමින් තිබි ඇති බවයි.

වහාම උපන් දින සාදය නවතා දැමු විදුහල්පතිවරයා අදාල සිසුවිය හා සිසුවා සේම එයට සම්බන්ධ වු අනෙක් සිසු සිසුවියන්ද විදුහල්පති නිළ කාමරයට කැදවා මොවුන්ගේ මව්පියන් පාසලට කැදවා පරික්ෂණ අරඹා ඇති බවයි.