ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 602ක් හඳුනාගත් බවය.
ඒ අනුව ඊයේ (08) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්
434ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ දිනයේ දීත දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඉන් කුරුණෑගල ආසාදිතයින් 270ක්, නුවරඑළිය 119ක්, රත්නපුර 119ක් හා මඩකලපුවෙන් 222ක් ලෙස වාර්තා වු බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර 45 දෙනෙක් විදේශ ගතව පැමිණි අයයි.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා විය.
ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව මෙතනින් බලන්න.