හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද සමග යැයි ඒ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
8 වැනි විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහට රුපියල් මිලියන 82ක් වැයවූ බවට සිදුකරන ප්රකාශ සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අමතර වියදම් වැය කෙරුණේ වාහන සහ ඉන්ධන සඳහා බවත් එය සැලකිය යුතු මුදලක් නොවන බවත් එම නිවේදනයෙන් කියා සිටී.
වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහා බවත් ඔවුන් කුමන තැනක හිටියත් එම ආරක්ෂක නිලධාරීන්ට වේතන ගෙවිය යුතු බවත් නිවේදනය මගින් පෙන්වා දී ඇත.
එබැවින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ලෙස ගණන් සාදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප සමග බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.