2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන් කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම අරමුදල්වලින් සමහරක් වෛද්‍ය හේතූන් මත ඉල්ලා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, දේශපාලනඥයන් විසින් මෙතරම් විශාල මුදලක් ලබාගෙන ඇත්තේ කුමන අරමුණු සඳහාදැයි ප්‍රශ්න කළේය.
- ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
- කේ පී එස් කුමාරසිරි – රු 953,430
- ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
- නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
- ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
- විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
- විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
- ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
- පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
- ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
- ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
- ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
- ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
- ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
- ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
- රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
- රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
- කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
- එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
- රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
- දි මු ජයරත්න – රු ලක්ෂ 300යි