ජනාධිපති අනුර කුමාර දිසානායක අද (දෙසැ. 17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේ ය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එක්ව තිබිණි.