ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වන දා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයේ නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු හමුවීමට නියමිත අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉන්දීය අමාත්‍යවරුන් සමග අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙම සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා තවදුරට ත් ශක්තිමත් කරනු ඇති බව ය.
ජනාධිපතිවරයා සිය ධූරයට පත්වීමෙන් පසු යෙදෙන පළමු විදෙස් සංචාරය මෙය වේ.