බලශක්ති ඇමති කුමාර ජයකොඩි ගේත් උපාධිය බොරුලු. A5 මාධ්‍ය ජාලය මාලිමාවට මුදලට වැඩ කරලා ?

0
කුමාර ජයකොඩි

උසස් අධ්‍යාපන සුදුසුකම් රැසකින් සමන්විත විද්වතුන් ගෙන් සමන්විත බවට හැඳින්වූ ජාතික ජනබලවේගයේ ඇතැම් ජනතා නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබේ.

වත්මන් කතානායකතුමන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා සම්බන්ධව සමාජයේ කවරකුන් ප්‍රශ්ණ කලද මේ වනතුරු කතානායකතුමන්ගේ හෝ ජාතික ජනබලවේගය පාර්ශවයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි පිළිතුරක් නොදුන් අතර ඒ සම්බන්ධව දැඩි නිහඬතාවය සමාජයේ සැකය තවත් තහවුරු කරනු ලබනවා.

කතානායක රන්වල මහතාගේ අධ්යාපන සුදුසුකම් හා සම්බන්ධ ගැටලුව මෙතනින්

කෙසේ නමුත් එම සංවාදය අතරතුර වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය සම්බධයෙන්ද ගැටලුකාරී තත්වයක් මතුව තිබෙනවා. එක්ව කුමාර ජයකොඩි මහතා සමග රාජකාරි කල මිතුරකු විසින් සමාජ මාධ්යට මුදාහල ලිපියකින් එම අනාවරණය සිදු කරනු ලැබුවා.

අදාල සම්පූර්ණ ලිප්ය පහතින්

උපුටා ගැනීම

හිතවත් පුන්‍ය ශ්‍රී…..සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

1996 ඉදන් 2000 වෙනකම් අපි දෙන්න වැඩ කලේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. අපි ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කලේ. කොළඹ,කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බ .ඔයා වැඩ කලේ මීගමුව සයිට් එකේ. මම කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක්‍ නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල , සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්ත.

මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි.ඔය දෙන්න වැඩ අනාගන්න හැමපාරම අපිට එන්‍න උනා කෑගල්ල ඉදලා. මිස්ටර් නාම්” කියන කොරියෙන් ප්‍රොජෙක්ට්‍ හෙඩි කෑගහපු හැටි මතකනෙ.

මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොදටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුන හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි උන එක ගැන මම හරියට දුක්වුනා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න උනේ මට. අන්තිමට අපි හම්බවුනේ ඔයා කුසුම් සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු උනා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.

ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් උනා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුනා කියලා.

මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර උනාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි උන අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක්‍ හදන්න. බිමල් රත්නායකත්‍ නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.

උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ලග නමල හමිබකරන්න යන්නෙපා මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද.

දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං.

ඒක සාධාරනීකරනය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උබල ගාව දැන්.

රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා.

හර්ෂන සූරියප්පෙරුම නි මුදල් ඇමතිතුමාටයි ,අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක්කලා කියලා.ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාල ආයතනයෙන්‍ එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න.

[මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]

එහෙනම් මචං මම ගියා ජයවේවා

සංජීව

(මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක්‍ දීහං)

පසුව ලියමි

මචං ඔයාගෙ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කලේ කාගෙ සල්ලිද කියල මම කියන්න ඕනෙ ද ?

ජයවේවා

සංජීව බටුවත්ත…✍️✍️✍️

උපුටා ගැනීම අවසන්