2025 වර්ෂයේ පළමු මාස හතරක කාලය සදහා වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුම ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.
අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම යෝජනාව පාර්ලිමේන්තුය ඉදිරිපත් කර ඇත.
තාක්ෂණික කරුණක් හේතුවෙන් එය සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් එම අවිනිශ්චිත තාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව බිලියන 4000ක් දක්වා වැඩිකර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175ක් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600කි. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000යි.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම්කර අතර එකඟතාව මත අලුතෙන් ණය පත්‍ර ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අපි උත්සාහයක ඉන්නවා මේ වැඩකටයුත්ත දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න”
කජු කෑ රනිල්ගේ වියදමම අතුරු සම්මත ගිණුම මගින්කජු නොකන අනුරටත්.
2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන් කර ගත් මුදලම 2025 ජනවාරි මස සිට අප්‍රේල් දක්වා අනුරකුමාර දිසානායම ජනාධිපතිවරයා ද වෙන් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කභීර් හශීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
රජයේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අමතමින් කබීර් හශීම් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.
රනිල්ගේ වරප්‍රසාද වැඩි බවට චෝදනා කරමින් එම වරප්‍රසාද කප්පදු කිරීමට පැමිණ වත්මන් ජනපතිවරයා වෙනුවෙන්ද එම මුදල් ප්‍රමාණයම වෙන්කර ගැනීම පුදුම සහගත බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි
2024 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වියදම් කර තිබෙන්නේ රුපියල්ට්‍රිලියන 1.4 යි. 2025 වසරේ අනුර දිසානායක ජනාධිපතිතුමාට ජනවාරි සිට අප්‍රේල් දක්වා වෙන්කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4 ක්. ඒ ගානමයි කිසි වෙනසක් නෑ. ඉතින් වරප්‍රසාද කප්පාදු කරනවා කියල කල වෙනස මොකක්ද ? යනුවෙන් කබීර් හශීම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් රජයෙන් ප්‍රශ්ණ කරයි