කුලියාපිටිය යදැල්ගොඩවත්තේදී නිධානයක් ගොඩගනිමින් සිටි මහින්ද රාජපක්ෂ නමැත්තෙකු ඇතුළු සැකකරුවන් 4දෙනෙකු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදුව මේ මස 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුලියාපිටිය වැඩබලන මහෙස්ත්රාත් බන්දුල විජේසිංහ නියම කළේය.
එලෙස් අද (07වැනිදා) රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මැදගංපුර, මදිරිගිරිය පදිංචි හෙට්ටිආරච්චිගේ මහින්ද රාජපක්ෂ, යදැල්ගොඩවත්ත කිතලව අයි.ඒ. ධර්මසේන, වැලිගම්පිටිය පොකුණුවිට එම්. තුසිත විජේරත්න, දෙල්ගොඩ උඩුපිල ජේ.ඒ.ඩී. චමීර රුවින්ද යන සැකකරුවන් සිවු දෙනෙකි’