තම මෝටර් රථයට වෙඩි තබා ගැනීමේ සිදුවීමට උද්දික ප්‍රේමරත්න අත්අඩංගුවට ?

0
උද්දික ප්‍රේමරත්න

සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමග එක්ව තම මෝටර් රථයට වෙඩි තබා ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලින් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

වෙඩි තබා ගැනීමේ සිද්ධිය හිටපු මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත සිදුවූවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

කුමන්ත්‍රණය කිරීම රජය හා පොලිසිය නොමග යැවීම, රාජ්‍ය අපකීර්තියට පත් කිරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වෙයි.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරීවරයා හිටපු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට වෙඩි තැබීම සඳහා පෞද්ගලිකව පැමිණ ඇති බවය.

සිදුවීමෙන් අනතුරුව වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය සිදුකර ඇත්තේ ද එම පොලිස් අධිකාරීවරයා විසින්ම බවද හෙළි වී ඇත.

මේ වන විටත් පොලිස් අධිකාරිවරයා තම දරු පවුල සමග මැලේසියාවට පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට නියමිතව තිබේ.