ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඇරඹේ

0
ඉන්දීය මහ මැතිවරණය

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඊයේ (25) ඇරඹුණා.

ඉන්දීය මහ මැතිවරණය අදියර 7කින් යුක්ත වන අතර, අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

6 වැනි අදියරේදී බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් සහ ජම්මු කාශ්මීරයේ එක් ආසනයක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙන්වා.

නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයයි.

දිල්ලි මහ ඇමැති ධුරය හොබවන්නේ පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල් විසින්.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විත වන අතර, පසුගිය 19 වෙනුදා මහ මැතිවරණය පැවැත්වුණේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙන්.

මහ මැතිවරණය, මාස දෙකහමාරක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙනවා.

හෙට එහි පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත් පැවැත්වුණා.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ලබන අතර, මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බවද වාර්තා වනවා.

මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වන අතර, පොදුවේ භාරතීය ජනතා පක්ෂය ද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 400 කට වඩා වැඩි ආසන ගණනක් දිනාගැනීමට සමත් වනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර තිබෙනවා.

මෝදි දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදීයි.

එම මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303ක් වන අතර, 1980 වසරේ දී හින්දු ජාතිකවාදී පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය දේශපාලන කරළියට අවතීර්ණ වීමෙන් පසු මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් දිනූ පළමු අවස්ථාව මෙය වනවා.

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ නිලධාරීන් මිලියන 15ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබෙනවා.