ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යායාම උපදේශක කුඩුත් සමග මාට්ටු

0
ව්‍යායාම උපදේශක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්ලවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්කුඩු සමග ඔහු මහනුවර අපරාධ විමර්ශන කොඨ්ටාශය විසින් අත්අඩංගුර ගෙන ඇත.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරු මත නිවස පරීක්ෂා කිරීමේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේ ඔහුගේ ශාරීරික ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි මෙම සැකකරු ගෝටාභට රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු යුද හමුදාවෙන්ද ඉවත්ව ඇතැයිද හෙළි වී ඇත.