සෞඛ්‍ය අංශ වල ගැබිනි මවුන් කොරෝනා බිල්ලක් වෙයි. GMOA ඇතුලු රජයේ වෘත්තීය සමිති නිහඬයි.

0
ගැබිනි මවුන්

02/2021(ii) දරන අංක සහිතව රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාල චක්‍රලේකයක් නිකුත් විය. එම චක්‍රලේඛනයට අනුව වඩාත් අවදානම් ඛාන්ඩයක සිටින ගැබිනි මවුවරුන් වෛරසයෙන් ආරක්ෂා කරගැනීම උදෙසා රාජ්‍ය සේවයේ ගැබිනි මවුන් සේවයට කැඳවා නොගැනීමට එහි පස්වන වගන්තියට අනුව නිර්දේශ කර තිබුනි.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් 2021.05.10 වැනි දින නිකුත් කර තිබූ එම චක්‍රලේකයෙහි සඳහන් 5 වන ඡේදය හෙවත් ගැබිනි මවුවරුන්ට අදාල කොටස සෞඛ්‍ය අංශ වලට පමණක් වෙනස් වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා වන වෛද්‍ය එස්.එච්. මුණසිංහ විසින් 2021.05.31 වැනිදින නිකුත්කර තිබෙන සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සේවයට යෙදවීම අදාල චක්‍රලේකනය හරහා වැඩිම අවදානම සහිත සෞඛ්‍ය සේවකයින්ගේ රාජකාරී සඳහා ගැබිනි මවු වරුන් සේවයට කැඳවීමට නිර්දේශ කර ඇත.

කොවිඩ් 19 රෝගීන්ගෙන් සියලු රෝහල් පිරී ඉතිරී යන මොහොතක. ආසාදිතයින් හඳුනාගැනීම මන්දගාමීව සමාජයේ ආසාධිතයින් නිදැල්ලේ සැරිසරන පසුබිමක වඩාත්ම අවදානම් වෘත්තියක නියැලෙන සෞඛ්‍ය සේවකයින්ගේත් වැඩිම අවදානම් ගැබිනි මවුවරුන් සේවයේ යෙදවීමේ අමානුෂික චක්‍රලේකය හේතුවෙන් වෛද්‍ය හෙද ඇතුලු සමස්ථ සෞඛ්‍ය අංශ සේවකයින් දැඩි කලකිරීමට ලක්ව සිටිති.

2021-05-10 රාජ්‍ය සේවා ලේකම් වරයා විසින් නිකුත් කල චක්‍රලේඛය

2021-05-31 සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා විසින් නිකුත් කල චක්‍රලේඛය