Home LOCAL පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය හා සම්බන්ධ මෙම සැකකරුවන් තිදෙනා ඔබ හඳුනනවාද...

පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය හා සම්බන්ධ මෙම සැකකරුවන් තිදෙනා ඔබ හඳුනනවාද ?

0
පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය හා සම්බන්ධ

බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මොවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකරුවන්ගේ පහත සඳහන් තොරතුරු හා ඡායාරූප පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් දැනුම් ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගල්ල කොට්ඨාසය – 071 8591488
ස්ථානාධිපති / බෙලිඅත්ත – 0718591497

සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ.

01. නම – මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් ‘චුටියා’ නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර

ලිපිනය – ඩෙන්මාර්ක් කොළණි, වෑරගොඩ, කහව, අම්බලන්ගොඩ

ජා. හැ. අංකය – 892362890V

පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය

02. නම – නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්

ලිපිනය – අංක 80, යාය 4, තඹුත්තේගම. අංක 84, ගල්පාත, අඟුරුවැල්ල.

ජා.හැ.අංකය = 740744330V

පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය

03. නම – රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා

ලිපිනය – අංක 107/2/ බී, පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ.

ජා. හැ. අංකය – 832190942V

පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය