කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
කෙහෙලිය රඹුක්වැල්ල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

එ් අනුව ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගතහොත් පරිසර අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතට පත්වෙයි.

ආන්දෝලනාත්මක මානය ප‍්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙලිය රඹුක්වැල්ල මහතා එළඹෙන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටී.

ඔහු මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අමාත්‍යවරයා, පෙබ. 3 වන දා සිට ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ය.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

කෙහෙලිය රඹුක්වැල්ල