බන්ධණාගාර ගතව අසණීප වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු සමාරම්භක උත්සවයට

0
කෙහෙළිය රඹුක්වැල්ල

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා හෙට (07) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ලබා දී තිබෙනවා.

රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා විසින් මෙම අවසරය ලබාදී තිබෙන බව සඳහන්.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ (05) ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලට මේ අනුව කැඳවනු ඇති.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලැබුණු නඩු තීන්දුවෙන් අනතුරුව ඔහු හිටිහැටියෙ අසනීප වී රෝහල්ගතව සිටින තත්ත්වයක් තුළ හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම පුදුම සහගත තත්ත්වයක්ද වනවා.

දඬුවමක් අතරතුර අසණීපව බන්ධණාගාර රෝහලේ ප්‍රථිකාර ලබන කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය පහලින් (Manthri.lk)

 

කෙහෙළිය රඹුක්වැල්ල