සමගිය දෙකඩ කරමින් සරත් ෆොන්සේකා අලුත් පක්ෂයක් හදයි

0
සරත් ෆොන්සේකා

සමඟි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකා මහතාගේ මූලිකත්වයෙන් නිර්පාක්ෂික ජන බලවේගය නමින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.

එම පක්ෂයේ නිල ෆේස් බුක් පිටුව පසුගිය ජනවාරි 03 දින නිර්මාණය කර තිබුණා.

2024 වෙනුවෙන් සරත් ෆොන්සේකා යනුවෙන් සඳහන් පළ කිරීම් මෙම ෆේස් බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම , රටේ ඉදිරි ගමන සඳහා පක්ෂ භේදවලින් තොරව ජාතික සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කළ යුතු බවද එහි දැක්වෙනවා.

හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්ෂයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් පසුගියදා එම පක්ෂයේ උපසභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩි විරෝධය පළ කළ අතරඒ හේතුවෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සරත් ෆෝන්සේක මහතා අතර මතභේදාත්මක තත්වයක්ද හට ගෙන තිබුණා.

සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, දයා රත්නායක මහතා පක්ෂයට එක් කරගත්තා නම් දැන් ගෝඨාභය රාජපක්ෂද පක්ෂයට එක් කරගත හැකි බවයි.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාටද මේ ආකාරයෙන්ම දැන්වූ බවද මන්ත්‍රී සරත් ෆෝන්සේකා මහතා සඳහන් කළා.

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමඟි ජන බලවේගය වෙත එක් වීම සමගින් සමඟි ජනබලවේග පක්ෂයේ බෙදී යාමක් දක්නට ලැබෙන අතර සරත් ෆොන්සේකා මහතාගේ මැදිහත් වීමෙන් එම පක්ෂය නුදුරේදීම දෙකඩ වීමට හැකියාවක් ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලට අනුව පෙනී යන කරුණක්.