ගමේ කෙල්ලො තුනක් එක්ක විනෝද චාරිකාවක් ගිය නායක හිමි පන්සලත් හැරදා ගිහින්

0
විනෝද චාරිකාවක්

අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්න පොලිස් වසමේ පිහිටි’ ප්‍රධාන විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී කතරගම ලුණුගම්වෙහෙර සහ තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී’ දායක සභාවේ පිරිසකට හසුවීම හේතුවෙන් එම විහාරාධිපති හිමියන්’ සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

එම විහාරාධිපති හිමියන් කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී රැහුණු ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් සිට ඇතග එදිනම ගමේ තරුණියන් කිහිප දෙනෙකුද කතරගම ප්‍රදේශයට ගොස් සිටියදී පන්සලේ හාමුදුරුවන් ගිහි ඇඳුමෙ කතුන් තිදෙනෙකු සමග සිටින අයුරු දැක ඇත.

විමතියට පත් එම තරුණයන්’ ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගැනීමත් සමඟ එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර’ විහාරස්ථානයේ දායකයින්ට එය නිරීක්ෂණය වී එම විහාරස්ථානය ඉදිරිපිට’ ගම්වැසියන්වන දායකයන්’ උන්වහන්සේට දැඩි විරෝධයක් පළ කිරීමත් සමග රාත්‍රියේම පිටව ගොස් ඇතැයි වැලිපෙන්න පොලිසිය පවසයි.