ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 4 ඉක්මවයි

0

ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (01) මිලියන 19 ඉක්මවා ගියේය.

ඒ, වසංගත ව්‍යාප්තියත් සමඟ ලෝකයේම මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමිනි. ඒ ආසාදිතයින් 402,110 කි.

නව මරණ 3,522 ක් වාර්තා වුණේ එරට සමස්ත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 211,835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් දෙවැනි රැල්ලේ රුදුරු බව සියල්ලන්ම මවිතයට පත් කර ඇති බව ඉන්දීය රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක කේ. විජේරාගවන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ සෙසු රටවල ද දෙවැනි රැළි නැඟුණු බව ඉන්දියාව හොඳින්ම දැන සිටියදී සහ එන්නත් ද තමන් සතුව තිබියදී බවය.

ඒ අනුව අද වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන 19,157,094 ක් වන අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 211,835කි.